මොකක්ද මේ මෙමෝග්‍රැම් පරීක්ෂණය...
මෙමෝග්‍රැම් (Mammogram)
කියන්නෙ
එක්තරා X-කිරණ පරීක්ෂණයක්.එම X-කිරණ පරීක්ෂණය මඟින්
පියයුරු පටක වල ඡායා පිළිඹ්බුවක් තිරයක් මත ලබා දීමකුයි කෙරෙන්නෙ.මේ ක්‍රමවේදයට
මෙමොග්‍රැපි(Mammography) කියල කියනු ලබන අතර මෙය මඟින් පියයුරු තුල
සාමාන්‍ය හා අසාමන්‍යතා ඇතුළු ව්‍යුහය දෘශ්‍යකරණය කරනු ලබනවා.Mammography මඟින් බිබිලි වැනි
ගෙඩි(විසප්පු ගෙඩි),
කැල්සියම්
සංයෝග එකතු වීමෙන් පියයුරු පටක තද වීම් හා පියයුරු තුලින් වන
ගෙඩියක් වැනි ඉදිමුම් වැනි දේවල් හඳුනා ගැනීමට උපකාරී වෙනවා.
මෙම Mammography ක්‍රමය අද වන විට
පියයුරු පිළිකා කල්තියා නිවැරදිව හඳුනා ගැනීමට භාවිතා කරන ඉතා ජනප්‍රිය හා
කාර්යක්ෂම ක්‍රමයක් වෙනවා.පියයුරු පිළිකාවක් ඉතා කුඩා(ආරම්භක) අවධියේදී හඳුනා
ගැනීමට හැකි නමුත් සාමාන්‍ය පරීක්ෂණ වලින් පමණක් හඳුනා ගෙන තහවුරු කර ගැනීමේ දී එය
වර්ධනය වී තිබිය හැක.
පියයුරු
පිළිකා සුව කළ හැකි අවධියේදීම Mammography මඟින් සොයාගැති හැකි නමුත් සෑම විටම එය එසේ නොවෙන්නත් පුළුවන්
.බොහෝ දුරට
පියයුරු පිළිකා වලින් 10% -15% අතර ප්‍රමාණයක් Mammography මඟින් පමණක් හඳුනා
ගැනීමට නොහැකි වන අතර අනෙකුත් භෞතිකමය පරීක්ෂණ ද ඒ සඳහා යොදාගනු ලබනවා
විශේෂයෙන්ම
කාන්තාවන්ට පියයුරු පිළිකා සඳහා පරීක්ෂණයක් මාස කිහිපයකට වරක්වත්
කරගැනීමට වෛද්‍යවරු නිදේශකරනවා. ඇමරිකානු පිළිකා
සංගමය මඟින් නිදේශ කරනු ලබන්නේ කාන්තාවක් විසින් වයස අවු.40දී පළමු Mammography පරීක්ෂණය කළ යුතු වන
අතර ඉන් පසුව සෑම වසරකට වතාවක්ම මෙම පරීක්ෂණයට පෙනී සිටිය යුතු බවයි.ඒ සාමාන්‍යයෙන්
කාන්තාවන්ට පියයුරු පිළිකා වැළදීමට වැඩිපුර ඉඩකඩ පවතින බැවිනි.
කලින් කොහොමද
ලෑස්තිවෙන්නෙ
මෙම පරීක්ෂණය
සඳහා විශේෂ සූදානම් වීමක් අවශ්‍ය නොවන අතර කාන්තාවන් සඳහා මාසික ඔසප් කාලය අතර පසු
වන්නේ නම් එ බව වෛද්‍යවරයාට පැවසීම කෝකටත් හොඳයි මොකද එම කාලසීමාවේ පියයුරු මොලොක්
වීම ආදී සාමන්‍ය තත්වයෙන් වෙනස් විවිධ වෙනස් වීම් පැවතිය හැකි හෙයිනි
දහඩිය ගැලීමට
එරෙහිව භාවිතාකරන ද්‍රව්‍ය
(Anti Perspirations) දුර්ගන්ධනාශක(Deodorants) සහ පුයර (Powder) වර්ග පරීක්ෂණයට
පෙර නොකළ යුතු
බවයි පැවසෙන්නෙ.
ගර්භණී හා දරුවන් ලැබීමට සූදානමක් ඇති කාන්තාවන් විශේෂ වෛද්‍ය උපදෙස් ලබාගත
යුතු වෙනවා.තවද ප්ලාස්ටික් සැත්කම් මඟින් පියයුරුවල හැඩය , ප්‍රමාණය ආදිය වෙනස්
කිරීම් වලට භාජනය කර ඇත්නම් ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයාට ඒ බව පෙරාතුවම පැවසීම පසුව
එන දුෂ්කරතාවලින් මගහරවා ගැනීමට උපකාරී
වෙනවා.
කොහොමද වෙන්නෙ
සාමන්‍ය X-කිරණ පරීක්ශණයකදී මෙන් X-කිරණ කාමරයට යාමට පෙර ආභරණ ඉවත් කළ යුතු
වෙනවා සහ මේකත් සාමන්‍ය X-කිරණ පරීක්ෂාවක්
මෙන් නිසා පියයුරු ආශ්‍රිතව ඇති ඇඳුම් ඉවත් කළ යුතු වෙනවා..Mammography ,පියයුරු ස්ථාවර හා පැතලි නමුත් මෘදු තලයක් මත තැබීම සිද්ධ කළ යුතු වන
අතර වෙනත් එවැනිම තලයක් මඟින පියයුරු මතට
පීඩනයක් ලබා දෙනු ලබනවා.වේදනාවක් වෙතොත් මෙම පීඩනය නිසා ඉතා සුළු අපහසුවක් පමණයි
දැනෙන්නෙ. බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ කොහොමත් පොඩි වෙලාවකින්
පරීක්ෂණය ඉවර කරන්න පුළුවන්මෙම තෙරපීම ඉතා හොද තත්වයේ Mammograph එකක් ලබා ගැනීමට
අනිවාර්යයෙන් යොදාගත යුතු වෙනවා.තෙරපීමට පත් නොකර Mammograph ගත හැකි වුවත් එය
අඳුරු අපහැදිලි එකක් වීමට ඉඩකඩ ගොඩක්ම වැඩියි. සාමාන්‍යයෙන් X-කිරණ දෙක බැගින් පියයුරු දෙකේම ලබා ගැනෙනවා.
Mammography අවදානම ගැන කථා කරනවනම් අවදානමකට ඇත්තේ ස්වල්ප වශයෙන් X-කිරණ වලට නිරාවරණය වීම
පමණයි.එය ඇත්ත වශයෙන්ම නොසළකා හැරිය හැකි නිරාවරණය වීමක් බව බොහෝ සෞඛ්‍ය සම්බන්ධ
ආයතන නිර්දේශ කරනු ලබනවා.
ප්‍රතිඵල අදාළ
විකිරණවේදී හෝ අදාළ වෛද්‍යවරයා විසින් ඔබ අතටම පත් කරනු ලැබෙයි.කිසිම විටක Mammography එක අසාමන්‍ය වුණා
කියලා බය වෙන්න එපා.මොකද අසාමන්‍ය ( පැල්ලම් සළකුණු/SPOTS) සහිත චිත්‍රනයක් සෑම විටම
පිළිකාවක් ඇති බව කිය වෙන්නෙ නෑ.සමහර අවස්ථා තියෙනවා පියයුර ඝන වීමක් හෝ හීනි
වීමක් නිසා Mammograph එකේ අසාමාන්‍යා ලක්ශණ පෙන්වන්න පුළුවන්.
එවැනි විටක
තවදුරටත් පරීක්ෂණ සඳහා යොමු කරාවි.( Mammography ම හෝ පටක විශ්ලෙශණ ,(Breast
Biopsy Test) අති ධ්වනි
වැනි..)
පියයුරු වල
ගැටිත්තක් තැල්මක් වැනි යමක් වේ නම් කාන්තා පිරිමි භේදයකින් තොරව වහාම අදාළ වෛද්‍ය
වරයෙක් මුණගැහෙන්න ඕනෙ ඔන්න.
එහෙනම් සුභ දවසක් කිව්වා හැමෝටම...ගිහින් එන්නම්....













