Pages

Tuesday, July 16, 2019

Mammogram Test


මොකක්ද මේ මෙමෝග්‍රැම් පරීක්ෂණය...

මෙමෝග්‍රැම් (Mammogram) කියන්නෙ එක්තරා X-කිරණ පරීක්ෂණයක්.එම X-කිරණ පරීක්ෂණය මඟින් පියයුරු පටක වල ඡායා පිළිඹ්බුවක් තිරයක් මත ලබා දීමකුයි කෙරෙන්නෙ.මේ ක්‍රමවේදයට මෙමොග්‍රැපි(Mammography) කියල කියනු ලබන අතර මෙය මඟින් පියයුරු තුල සාමාන්‍ය හා අසාමන්‍යතා ඇතුළු ව්‍යුහය දෘශ්‍යකරණය කරනු ලබනවා.Mammography මඟින් බිබිලි වැනි ගෙඩි(විසප්පු ගෙඩි), කැල්සියම් සංයෝග එකතු වීමෙන් පියයුරු පටක තද වීම්  හා පියයුරු තුලින් වන ගෙඩියක් වැනි ඉදිමුම් වැනි දේවල් හඳුනා ගැනීමට උපකාරී වෙනවා.

මෙම Mammography ක්‍රමය අද වන විට පියයුරු පිළිකා කල්තියා නිවැරදිව හඳුනා ගැනීමට භාවිතා කරන ඉතා ජනප්‍රිය හා කාර්යක්ෂම ක්‍රමයක් වෙනවා.පියයුරු පිළිකාවක් ඉතා කුඩා(ආරම්භක) අවධියේදී හඳුනා ගැනීමට හැකි නමුත් සාමාන්‍ය පරීක්ෂණ වලින් පමණක් හඳුනා ගෙන තහවුරු කර ගැනීමේ දී එය වර්ධනය වී තිබිය හැක.

           පියයුරු පිළිකා සුව කළ හැකි අවධියේදීම  Mammography මඟින් සොයාගැති  හැකි නමුත් සෑම විටම එය එසේ නොවෙන්නත් පුළුවන් .බොහෝ දුරට පියයුරු පිළිකා වලින් 10% -15% අතර ප්‍රමාණයක් Mammography මඟින් පමණක් හඳුනා ගැනීමට නොහැකි වන අතර අනෙකුත් භෞතිකමය පරීක්ෂණ ද ඒ සඳහා යොදාගනු ලබනවා

විශේෂයෙන්ම කාන්තාවන්ට පියයුරු පිළිකා සඳහා පරීක්ෂණයක් මාස කිහිපයකට වරක්වත් කරගැනීමට  වෛද්‍යවරු නිදේශකරනවා. ඇමරිකානු පිළිකා සංගමය මඟින් නිදේශ කරනු ලබන්නේ කාන්තාවක් විසින් වයස අවු.40දී පළමු Mammography පරීක්ෂණය කළ යුතු වන අතර ඉන් පසුව සෑම වසරකට වතාවක්ම මෙම පරීක්ෂණයට පෙනී සිටිය යුතු බවයි.ඒ සාමාන්‍යයෙන් කාන්තාවන්ට පියයුරු පිළිකා වැළදීමට වැඩිපුර ඉඩකඩ පවතින බැවිනි.

කලින් කොහොමද ලෑස්තිවෙන්නෙ

මෙම පරීක්ෂණය සඳහා විශේෂ සූදානම් වීමක් අවශ්‍ය නොවන අතර කාන්තාවන් සඳහා මාසික ඔසප් කාලය අතර පසු වන්නේ නම් එ බව වෛද්‍යවරයාට පැවසීම කෝකටත් හොඳයි මොකද එම කාලසීමාවේ පියයුරු මොලොක් වීම ආදී සාමන්‍ය තත්වයෙන් වෙනස් විවිධ වෙනස් වීම් පැවතිය හැකි හෙයිනි
දහඩිය ගැලීමට එරෙහිව භාවිතාකරන  ද්‍රව්‍ය (Anti Perspirations) දුර්ගන්ධනාශක(Deodorants) සහ පුයර (Powder) වර්ග පරීක්ෂණයට පෙර නොකළ යුතු බවයි පැවසෙන්නෙ.
ගර්භණී හා දරුවන් ලැබීමට සූදානමක් ඇති කාන්තාවන් විශේෂ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා.තවද ප්ලාස්ටික් සැත්කම් මඟින් පියයුරුවල හැඩය , ප්‍රමාණය ආදිය වෙනස් කිරීම් වලට භාජනය කර ඇත්නම් ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයාට ඒ බව පෙරාතුවම පැවසීම පසුව එන දුෂ්කරතාවලින්  මගහරවා ගැනීමට උපකාරී වෙනවා.

කොහොමද වෙන්නෙ

සාමන්‍ය X-කිරණ පරීක්ශණයකදී මෙන් X-කිරණ කාමරයට යාමට පෙර ආභරණ ඉවත් කළ යුතු වෙනවා සහ මේකත් සාමන්‍ය X-කිරණ පරීක්ෂාවක් මෙන් නිසා පියයුරු ආශ්‍රිතව ඇති ඇඳුම් ඉවත් කළ යුතු වෙනවා..Mammography ,පියයුරු  ස්ථාවර හා පැතලි  නමුත් මෘදු තලයක් මත තැබීම සිද්ධ කළ යුතු වන අතර වෙනත් එවැනිම තලයක් මඟින  පියයුරු මතට පීඩනයක් ලබා දෙනු ලබනවා.වේදනාවක් වෙතොත් මෙම පීඩනය නිසා ඉතා සුළු අපහසුවක් පමණයි දැනෙන්නෙ. බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ කොහොමත් පොඩි වෙලාවකින් පරීක්ෂණය ඉවර කරන්න පුළුවන්මෙම තෙරපීම ඉතා හොද තත්වයේ Mammograph එකක් ලබා ගැනීමට අනිවාර්යයෙන් යොදාගත යුතු වෙනවා.තෙරපීමට පත් නොකර Mammograph ගත හැකි වුවත් එය අඳුරු අපහැදිලි එකක් වීමට ඉඩකඩ ගොඩක්ම වැඩියි. සාමාන්‍යයෙන් X-කිරණ දෙක බැගින් පියයුරු දෙකේම ලබා ගැනෙනවා.

අවධානම් තියෙනවද ?

Mammography අවදානම ගැන කථා කරනවනම් අවදානමකට ඇත්තේ ස්වල්ප වශයෙන් X-කිරණ වලට නිරාවරණය වීම පමණයි.එය ඇත්ත වශයෙන්ම නොසළකා හැරිය හැකි නිරාවරණය වීමක් බව බොහෝ සෞඛ්‍ය සම්බන්ධ ආයතන නිර්දේශ කරනු ලබනවා.

ප්‍රතිඵල අදාළ විකිරණවේදී හෝ අදාළ වෛද්‍යවරයා විසින් ඔබ අතටම පත් කරනු ලැබෙයි.කිසිම විටක Mammography එක අසාමන්‍ය වුණා කියලා බය වෙන්න එපා.මොකද අසාමන්‍ය ( පැල්ලම් සළකුණු/SPOTS) සහිත චිත්‍රනයක් සෑම විටම පිළිකාවක් ඇති බව කිය වෙන්නෙ නෑ.සමහර අවස්ථා තියෙනවා පියයුර ඝන වීමක් හෝ හීනි වීමක් නිසා Mammograph එකේ අසාමාන්‍යා ලක්ශණ පෙන්වන්න පුළුවන්. එවැනි විටක තවදුරටත් පරීක්ෂණ සඳහා යොමු කරාවි.( Mammography ම හෝ පටක විශ්ලෙශණ ,(Breast Biopsy Test) අති ධ්වනි වැනි..)

පියයුරු වල ගැටිත්තක් තැල්මක් වැනි යමක් වේ නම් කාන්තා පිරිමි භේදයකින් තොරව වහාම අදාළ වෛද්‍ය වරයෙක් මුණගැහෙන්න ඕනෙ ඔන්න.

එහෙනම් සුභ දවසක් කිව්වා හැමෝටම...ගිහින් එන්නම්....

Sunday, July 14, 2019

upper endoscopy - EGD


ආයුබෝවන් යාළුවනේ.....

 

අපි අදත් බලමු නිතරම මේ කාලෙ අහල පුරුදු වචනයක් ගැන.වචනයක් කියන්නෙ මේක වෛද්‍ය පරීක්ෂණයක්. එන්ඩස්කොපි (endoscopy) කියන්නෙ මේකට. ඇත්තටම එන්ඩස්කොපි වර්ග කිහිපයක් තියෙනවා.අපි අද කථා කරන්නෙ  upper endoscopy ( esophagogastroduodenoscopy –EGD) ගැනයි.
සරලවම කිව්වොත් එන්ඩොස්කොපි කියල කියන්නෙ ශරීර අභ්‍යන්තර කොටස් Camera එකක් භාවිතයෙන් නිරීක්ෂණය කිරීමක්.මොන මොන කොටස්ද දැන් මේ නිරීක්ෂණය කරන්නෙ කියල බලමු.

අපගේ අන්නස්‍රෝතය(ඒ මොකක්ද ඒ.? අන්නස්‍රෝතය කියන්නෙ ඇත්තටම පේශීන් වලින් සැදුම්ලත්,උගුරෙ කෙලවර කොටස එහෙම නැත්නම් ග්‍රසනිකාව හා ආමාශය සම්බන්ධ කරන නලයක්. අන්නස්‍රෝත නාලිකාව කියන එක තමා වඩාත්ම හොඳ) ,ආමාශය(stomach) සහ ග්‍රසනිය(duodenum) නිරීක්ෂණය කිරීමක්.මේකට සිහින් නම්‍යශීලී නලයක් හා Camera එකක් තමා ගන්නෙ.Camera එකට ලැබෙන දර්ශණ TV තිරයකින් වෛද්‍යවරයාට බලාගන්න පුළුවන්.(උදරය ; උදරය කියන වචනෙ ගත්තට සමස්ත උදරයම නෙවේ.)

උදරය හිස්ව තියෙනවනම්( හිස් බඩ) තමයි මෙ පරීක්ශණයට ගන්නෙ සහ සාමාන්‍යයෙන් පැය 6ක් පමණ නිරාහාරව සිටීම සෑහෙනවා(වෛද්‍ය උපදෙස් මත)
තමන්ට යම් අසාත්මිකතාවයන් සහ තමා හට හෘද හා පෙනහළු සම්බන්ද රෝග පවතීනම් අනිවර්යෙන්ම රෝගියා විසින් පෙරාතුවම ඒ බව පැවසිය යුතු වෙනවා.
බඩේ කැක්කුම,නිතර ඇතිවන ඔක්කාර ගතිය වමනය යාම ගිලීමේ ඇතිවන අපහසුතාවයන්  වැනි කාරනා මත මෙම පරීක්ශණය බොහෝ දුරට නිර්දේශ කරනු ලබනවා.

සමහර විටක පරීක්ශණය කිරීමට පෙර රෝගියාට මුඛ මාර්ගයෙන් හෝ නහරයකට විදීම මඟින් වේදනාව අඩු වීමට බෙහෙත් ලබා දෙයි.හිරි වැටීමක් ලෙස හෝ නිර්වින්දනයක් ලෙස පවා මෙම වේදනාව අඩු කිරීම කළ හැක.කෙසේ වෙතත් නිරන්තරයෙන් පරීක්ශණය අතරතුර පවා රුධිරයේ ඔක්සිජන් මට්ටම හා පීඩනය ගැන අවධානය යොමු කෙරේ. උපකරණය ලගා වූ ස්ථාන වල ඇති ඉදිමුම් තත්වයන් හා වායු ගෙඩි වණ ගෙඩි වැනි තත්වයන් පවා පැහැදිලිව නිරීක්ශණය කල හැකි හෙයින්  X-කිරණ පරීක්ශණයටකට වඩා මෙය ඉතාමත් නිවැරදි  පරීක්ශාවක් වෙනව. X-කිරණ පරීක්ශණයට වඩා endoscopy මඟින් ඉටුවෙන අනෙක් වැදගත්ම දේ තමයි ඉතාමත්ම කුඩා සෛල ප්‍රමාණයක් සහ ඉතාමත් කුඩා පේශී කැබැලි (ජෛවීය නිදර්ශක) අන්වීක්ෂීය නිරීක්ශණ (අසාමාන්‍යතාවයන් පිළිබඳ ස්වභාවයන් සඳහා) සඳහා ලබා ගැනීම




මුඛය මඟින් Camera එක ඇතුළු කරන අතර ලබා දී ඇති බෙහෙත් වර්ග නිසා රෝගියාට කිසිඳු අපහසුවක් ඇති නොවේ.

පරීක්ෂණයෙන් පසු වෛද්‍ය උපදෙස් පිළිපදින්න... endoscopy ගැන පොඩි අවබෝධයක් ලැබුනනෙ එහෙනම්...අයේ එහෙනම් හමු වෙමු තවත් ලිපියකින්....



Wednesday, July 10, 2019

ECG පරීක්ෂණය


ආයුබෝවන් හැමෝටම...

 ECG පරීක්ෂණය


අදත් ඉතින් අපි බලමු පොඩි වෛද්‍ය පරීක්ෂණයක් ගැන..ගොඩක් කට්ටිය දන්නව මේ ගැන නම්.එත් නොදන්න කරුණුත් තියෙන්න පුළුවන්නෙ...අපි බලමු ECG පරීක්ෂණය ගැන...මෙකට EKG සමහරු කියලත් කියනවා
විද්‍යුත් ක්‍රියාකරකමක් මඟින් හෘද අභ්‍යන්තරයේ තත්වය ගැන මැන බැලීමක්  ECG (Electrocardiogram) මඟින් සිඳු කෙරේ.
LEAD නමින් හැඳින්වෙන සංවේදී විද්‍යුත් ඉලෙක්ට්‍රොඩ උපකරණ සම්මත ප්‍රමිතීන් අනුව පපුව (ශරීරය මත
) මත ස්ථානගතකිරීම මඟින් EKG මත සටහන් වන ආවේනික ගති ලක්ෂණ සහිත රටාවන් අධ්‍යයනය කිරීම තුළින් හෘදය පිළිබඳව බොහෝ තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැක.
පරීක්ෂණයට භාජනය කරන පුද්ගලයා පරීක්ෂණ මේසය මත වැතිර සිටින අතරතුර මෙය සවිකරනු ලබනවා.සාමාන්‍යයෙන් මෙම ඉලෙක්ට්‍රොඩ පපුව මත ඉදිරිපසින් හඳුනාගනු ලැබූනිශ්චිත ස්ථාන හයකින් සවි කරනු ලැබෙනවා.

ECG වලට හෘදයේ ඇතිවන ආවේනික සංඥාවන් හඳුනා ගැනීම පහසු කරලීම පිණිසසම සහඉලෙක්ට්‍රොඩ අතර මනා සම්බන්ධතාවයක් ඇති කර ගැනීම පිණිස GEL වර්ගයක් කුඩා ප්‍රමාණයකින් භාවිතා කරනවා.
කුඩා චූශක පියන්,වෙල්කො පටි හා කුඩා මැලියම් පටි මඟින් ඉතා තදව නොපිහිටන පරිඳි මෙමෙ LEADS ශරීරයට ඇලවීම කෙරෙනවා(පපුවෙ කළෑවක් තියෙන පිරිමි අයටනම් ඒක තැන් කීහිපයකින් හෝ ඉවත් කරන්න නම් සිද්ධ වෙනව ඔන්න)

                                                                                     # හද ගැස්මේ සීඝ්‍රතාවය හා රිද්මය ගැන තොරතුරු                                                                                           ලබා  ගැනීමට
                                                                                    # පපු කුහරය තුල   හෘදයේ දිශානතිය  ගැන සොයා                                                                                              බැලීමට
# හදවත් පේශීන් වල ඝනකම වැඩිවීම් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට
# හදවත් පේශීන් වල  විවිධ කොටස් වලට සිදු වී ඇති හානි පිළිබඳව තොරතුරු ලබා ගැනීමට
# හදවත් පේශීන් වලට සැපයෙන සියුම් රුධිර ප්‍රවාහය ගැන අවබෝධයක් ලබාගැනීමට
# හදවතේ අස්වාභාවික රිද්මයන් ගැන විස්තර සොයා ගැනීමට



ECG පටියක්

හදවත ගැන විවිධ තීරණ ගනීමට වෛද්‍යවරු මෙම පරීක්ෂණය බොහෝ විට නිර්දේශ කරනු ලබන අතර කිසිම වේදනාවකින් තොර පුංචි පරීක්ෂණයක් මේක..
ECG පටියක්


                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          ආයේ එහෙනම් පෝස්ට් එකකින් හමු වෙමු...

Sunday, July 7, 2019

හෘදයාබාධ ගැන දැන ගනිමු........


   හෘදයාබාධ ගැන දැන ගනිමු........



"මේ උදේ කතා කර කර හිටපු එකානෙ..අන්න පපුවෙ අමාරුවක් හැදිල අරන් ගියා...."  නිතර අහන්න ලැබෙන වාක්‍යා ඛණ්ඩයක් නේද? පපුවේ අමරුවකට, සිංහලෙන් කියනවනම් Heart Attack එකකට කලින් අපිට බොහෝ විට පොඩි පොඩි ඉඟි අපේ ශරීරය විසින් දෙනවා..කොහෙද ඉතින් අපි ඕවා අමතක කරල දාලා වෙන වෙන ඉඟි වලටනෙ අවධානය දෙන්නෙ...අපි බලමු මේ සම්බන්ධව පොඩිම පොඩි විස්තරයක්.පොඩ්ඩක් හරි දැනන් ඉන්න එක හොඳයි නොවැ..
නිශ්චිතවම හෳදයාබාධයක පෙරනිමිති ලෙස පපුවේ ඇතිවන සමහර වේදනාවන් හඳුනාගත හැකියි. මෙම පෙරනිමිති සහ රෝග ලක්ශණයන් නොසළකා හැරීම හේතුවෙන් හෳදයාබාධය මරණයට පවා හේතු විය හැකිය
පපුවේ ඇතිවන මෙම ඉඟි  කිසිම විටකත් නොසළකා හැරීම නම් නුවණට හුරු නොවේ.
හුස්මවල කෙටි බව,අම්ල පිත්ත තත්වයන්,පේශීන් වල ඇතිවන තුවාල වීම්,වේදනාකාරී ලෙස ඇතිවන ඉක්කාවන්,බෙල්ලේ හෝ කොන්දේ ඇතිවන වේදනාකාරී තත්වයන් බොහෝ විට හෘද රෝගයක ලක්ශණයක් විය හැකිය.විශේෂයෙන්ම අවුරුදු 50-60 අතර පසුවන්නන්,පවුලේ වෙනත් හෘද රෝගීන් සිටින අයවළුන්,තරබාරු පුද්ගලයන්,දුම් පානය කරන්නන්,අධි රුධිර පීඩනය ඇති අය සහ දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නන් විශේෂ අවධානයක් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා දැක්විය යුතුය.


පපුවේ ඇතිවන අපහසුව

සුලබතම රෝග ලක්ශණයක් තමයි පපුවේ ඇතිවන අපහසුව. හෳද රෝග වැළදුන කාන්තාවන්ගෙන් 50% පමණ ප්‍රතිශතයක් මෙම පපුවේ අපහසුව අත්විඳ ඇති බව කියැවේ.සමහර අවස්ථාවල පපුවේ ඇතිවන වේදනාව /අපහසුව කිසිසේත්ම හෘද රෝග හා සම්බන්ධ  නොවන අවස්ථාද දක්නට ලැබේ.
බොහෝ විට පපුවේ මැද පපු ඇටය යටි පෙදෙසින් වම් පසට බරව  ඇතිවන වේදනාව අවදානම් සහිත විය හැක.එය පපුවේ ඇතිවන අධික පීඩනයක් ලෙස හෝ පීඩනයේ කැළඹිලි බවක් ,පපුවේ හිර කිරීම් තත්වයක් ලෙස දැනිය හැක.කාන්තාවන් සඳහා මෙම තත්වය සමහර විටක ඇඳුම්කන ස්වභාවයකින් හෝ පිළිසුසුම් වේදනාවක් ලෙසින් ද විය හැකිය.

කැස්ස..

හදවත දුර්වල වීමකදී, දිගින් දිගට පවතින කැස්ස නිසා 
හෝ හතිය නිසා පෙණහළු තුලට තරල එක් රැස් වීමක් සිද්ධ වෙනව.
දිගින් දිගට පවතින කැස්ස නිසා රුධිරයේ සෙම ගතිය ඇතිවිය හැකි 
අතර කල් ගත වූ කැස්ස සහ හතිය පවතී නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් වලට යොමු විය යුතු වේ.


කරකැවිල්ල



කරකැවිල්ලට හේතුව(ඔළුව බමන ගතිය හා වේදනාව) හෳද ආබාධයක් හෝ හෳද රිද්මයේ අසාමාන්‍යාතාවයක් නිසා විය හැකිය.මෙයට වෙනත් හේතුද තිබිය හැක. වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.





අධික තෙහෙට්ටුව

අධික ලෙස පවතින තෙහෙට්ටු ගතියද සමහර විට හේතුවක් වෙන්න පුළුවන්. හෳද රෝග වැළඳුන ගොඩක් කාන්තා පර්ශ්චවයන් කෙරෙන් හෳද රෝගය වැළදීමට ප්‍රථම මෙම අසාමන්‍ය තෙහෙට්ටු ගතිය නම් ලක්ෂණය දිස් වෙලා තියෙනවා.

ඔක්කාරය, අරුචිය

මෙම ඔක්කාර ,අරුචිය ,අහේතුකව වන වමනය යෑම, කුසේ ඇතිවන ඉදිමුම් තත්වයන් ද හදවත් දුර්වල බවේ හා ධමනි අවහිර වීමක පෙරනිමිත්තක් විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.


ශරීරයේ අනිකුත් කොටස් වල ඇතිවන වේදනාවන්




ප්‍රධාන වශයෙන් පපුවේ  සිදුවන වේදනාව ප්‍රමුඛ වුවත් අනෙකුත් කොටස් පිළිබදව ද සැළකිල්ලෙන් පසුවීම වැදගත් වෙනව.බොහෝ පුද්ගලයන්ට දැනී ඇති පරිදි පපු ප්‍රදේශයෙන් පටන් ගන්න වේදනාව උරහිස , බාහුව,කොන්ද,බෙල්ල,හක්ක ,උදරය කරා පැතිරීමක් සිද්ධ වෙනවා.විශේෂයෙන් පිරිමි පුද්ගලයන්ට වම් බාහුව අතෙහි යටි පෙදෙස් හා කාන්තාවන්ට අතෙහි බාහුව හෝ උරපතු දෙක අතර ඇතිවන වේදනාව දක්නට ලැබෙනව.

නාඩි වැටීමේ වෙනස්වීම / අධික සීඝ්‍රතාවය

හුස්ම ගැනීමේ කෙටි බව

හුස්ම ගැනීමේ කෙටි බව නිසා පෙනහළු තුලට තරල ගලා යෑමක් සිදුවිය හැක. වෙහෙස වී වැඩක් කරන අතරතුර පමණක් නොව නිවාඩුපඩුවේ සිටියදී වුවත් මෙම තත්වයට මුහුණ දිය හැක COPD (chronic obstructive pulmonary disease/ බොහෝ කල් පවතින ,පෙනහළු අවහිර වීම සම්බන්ද රෝගයක්) යන රෝග තත්වය නිසාද ඉහත ලක්ෂණ දැකිය හැකිය.

අධිකව දහඩිය පිට වීම

මෙය ඇත්ත වශයෙන්ම හෳද සම්බන්දයෙන් පොදු රෝග ලක්ෂණයක් නොවේ.

ශරීරයේ නිතර ඇතිවන දුබලතාවය(ඇඟ පණ නැති වීමේ ස්වභාවය)

ශරීරයට අවශ්‍ය රුධිර සැපයුම හරියාකාරව ලබා දීමට හෳදය අසමත්වීමෙන් මෙම තත්වයන් ඇතිවේ.

නැවතත් ඔන්න මතක් කරනව,මෙවැනි ලක්ශණ ශරීරයේ දකින්න ලැබුනොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් මුණගැහෙන්න කියල..මොකද ප්‍රමදය පසුතැවිල්ලකට හේතු වෙන්න පුළුවන්...

ඔන්න එහෙනම් අපි ගියා...ආයෙ පොස්ට් එකකින් හමු වෙමු.


Tuesday, July 2, 2019

මොනවද මේ CT හා MRI ස්කෑනර්..?


මොනවද මේ CT හා MRI ස්කෑනර්..?

 ඉස්සෙල්ලාම කියන්නම්කො CT ස්කෑනර් ගැන කෙටියෙන්

 CT එකෙන් මූලිකවම වෙන්නෙ විවිධ කෝණ වලින් ගත්ත X -කිරණ ඡායාරූප බොහෝ ප්‍රමාණයක් සංයුත්ත කිරීමක්.මෙම X -කිරණ ඡායාරූපයක් බවට හරවන්නෙ පරිගණකයක් උදව්වෙන්.

දැන් බලමු MRI එක කොහොමද ක්‍රියා කරන්නෙ කියල

Magnetic  Resonance Imaging  කියන එක තමා MRI කියන්නෙ
MRI එකෙන් මූලිකවම වෙන්නෙ සුපිරි සන්නායක අධි චුම්බකිත රේඩියෝ තරංග ශරීරය තුලට විදිනු ලැබීමක්.අධි චුම්බක මගින් පරමාණු උතුරු හෝ දකුණු පැතිවල ස්ථානගත වුවත් සමහර පරමාණු එසේ පෙළ ගැස්වී නොමැත.මෙම අවස්ථාවේ රේඩියෝ තරංග එකතු කරනු ලැබූ විට පෙළ ගැස්වී නොමැති පරමාණු බැමුමකට(atomic spin) බඳුන් වී ප්‍රති විරුද්ධ දිශාවට පනී.මෙවිට රේඩියෝ තරංග ක්‍රේෂ්ත්‍රය ඉවත් කල වහාම අපිළිවෙලින් වූ පරමාණු ඒවායේ ස්භාවික පිහිටීමට පැමිනේ.එසේ පැමිණීමේදී ශක්ති විමෝචනයක් සිදුවේ.එම විමෝචනය වන ශක්ති රටාවන් සංඤාවක් ලෙස පරිගණකයක් මගින් ලබා ගෙන ගණිත ඇල්ගොරිතම  මඟින් එය ඡායාරූපයක් බවට පරිවර්තන කරනු ලැබේ..

සාමාන්‍යයෙන් මෙම වර්ග දෙකම ඉතා ආරක්ෂිත වුවත් අනාරක්ෂිත විය හැකි විශේෂ අවස්ථා කීපයක් නැතුවාමද නොවේ. MRI ස්කෑන් එක aneurysm clips සහිත (මොළයේ ලේ නහර තුල ඇති කෘත්‍රිම clip එකක්) රෝගීන්ට හා ලෝහ තහඩු,කම්බි,ඇණ යොදා සැත්කම් කර ඇති, කෘතිම දත් හා ස්නායු උත්තෙජක යොදා ඇති රෝගීන්ට නොකරනු ලැබේ. තවද එම රෝගීන්  සඳහා සුදුසු නොවන්නේ චුම්බක මඟින් ඉහත විද්‍යුත් උපකරණවලට හානි පමුණුවන හා ලෝහ මඟින් දත්ත වලට බලපෑම් විය හැකි බැවිනි .CT ස්කෑන් සඳහා ඉහත ගැටළු නොවන මුත් X- කිරණ සඳහා නිරාවරණය වීම අවදානමක් නැතුවාද නොවේ.(විශේෂයෙන් ගර්භණී කාන්තවන්ට)

CT යන්ත්‍රය භාවිතයෙන් කරන රෝග විනිශ්චයන් අතර මොළයේ , උදරයේ ,උකුල් ප්‍රදෙශවල , කුඩා බඩවැල අශ්‍රිතව, මහ බඩවැල වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියන් ප්‍රමුඛ වෙන අතර කල්පවතින අහඹු ලෙස පවතින වේදනා සම්බන්දයෙන් හා අස්ථි පිපිරීම් බිදීම් සම්බන්දයෙන් වන scan පරීක්ෂාවන් සඳහා.
MRI විශේෂයෙන් යොදා ගනු ලබන්නේ CT වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ විටදී සහ මෘදු පටක, අස්ථි බැඳුම් වැනි scan කිරීම සඳහාය.

MRI භාවිතය CT වලට වඩා මිල අධික බැවින්,X-කිරණ හා CT වලින් පමණක් රෝග නිර්ණය කිරීමට නොහැකි අවස්ථාවලදී පමණක් යොදා ගැනේ.

CT බොහෝ විට  ICU අංශ අනුබද්ධව පවත්වගෙන යනු ලබනුයේ වලට වඩා ඉක්මණින් ප්‍රතිඵල ලබාගත හැකි බැවිනි.

X-කිරණ සහිත වන බැවින් ගර්භණී කාන්තාවන්ට අවශ්‍යම වුවහොත් මිස  CT - Scarn සිඳු නොකරයි.පිළිකා සෛල පැතිරීම ගැන දළ අවබෝධයක් (පැතිරී ඇති ආකරය අනුව සමහරවිට නිශ්චිතවම වුවද) ලබා ගැනීමට 
මෙමCT හා MRI දෙකම උපයෝගී කරගනී.













                                                     
CT scan machine                                                                                        MRI scan machine





                                     CT against MRI 



එහෙනම් අපි ආයෙ හමුවෙමු තව පෝස්ටුවකින්....
*** මෙය හුදෙක් දැනුවත් වීම සඳහා පමණි..