ආයුබෝවන් හැමෝටම...
ECG පරීක්ෂණය
අදත් ඉතින් අපි බලමු පොඩි වෛද්‍ය පරීක්ෂණයක් ගැන..ගොඩක් කට්ටිය දන්නව මේ ගැන නම්.එත් නොදන්න කරුණුත් තියෙන්න පුළුවන්නෙ...අපි බලමු ECG පරීක්ෂණය ගැන...මෙකට EKG සමහරු කියලත් කියනවා
විද්‍යුත් ක්‍රියාකරකමක් මඟින් හෘද අභ්‍යන්තරයේ තත්වය ගැන මැන බැලීමක් ECG (Electrocardiogram) මඟින් සිඳු කෙරේ.
LEAD නමින් හැඳින්වෙන සංවේදී විද්‍යුත් ඉලෙක්ට්‍රොඩ උපකරණ සම්මත ප්‍රමිතීන් අනුව පපුව (ශරීරය මත
) මත ස්ථානගතකිරීම මඟින් EKG මත සටහන් වන ආවේනික ගති ලක්ෂණ සහිත රටාවන් අධ්‍යයනය කිරීම තුළින් හෘදය පිළිබඳව බොහෝ තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැක.
පරීක්ෂණයට භාජනය කරන පුද්ගලයා පරීක්ෂණ මේසය මත වැතිර සිටින අතරතුර මෙය සවිකරනු ලබනවා.සාමාන්‍යයෙන් මෙම ඉලෙක්ට්‍රොඩ පපුව මත ඉදිරිපසින් හඳුනාගනු ලැබූ, නිශ්චිත ස්ථාන හයකින් සවි කරනු ලැබෙනවා.
ECG වලට හෘදයේ ඇතිවන ආවේනික සංඥාවන් හඳුනා ගැනීම පහසු කරලීම පිණිස, සම සහඉලෙක්ට්‍රොඩ අතර මනා සම්බන්ධතාවයක් ඇති කර ගැනීම පිණිස GEL වර්ගයක් කුඩා ප්‍රමාණයකින් භාවිතා කරනවා.
කුඩා චූශක පියන්,වෙල්කො පටි හා කුඩා මැලියම් පටි මඟින් ඉතා තදව නොපිහිටන පරිඳි මෙමෙ LEADS ශරීරයට ඇලවීම කෙරෙනවා(පපුවෙ කළෑවක් තියෙන පිරිමි අයටනම් ඒක තැන් කීහිපයකින් හෝ ඉවත් කරන්න නම් සිද්ධ වෙනව ඔන්න)
# හද ගැස්මේ සීඝ්‍රතාවය හා රිද්මය ගැන තොරතුරු ලබා ගැනීමට
# පපු කුහරය තුල හෘදයේ දිශානතිය ගැන සොයා බැලීමට
# හදවත් පේශීන් වල විවිධ කොටස් වලට සිදු වී ඇති හානි පිළිබඳව තොරතුරු ලබා ගැනීමට
# හදවත් පේශීන් වලට සැපයෙන සියුම් රුධිර ප්‍රවාහය ගැන අවබෝධයක් ලබාගැනීමට
# හදවතේ අස්වාභාවික රිද්මයන් ගැන විස්තර සොයා ගැනීමට
ECG පටියක්
හදවත ගැන විවිධ තීරණ ගනීමට වෛද්‍යවරු මෙම පරීක්ෂණය බොහෝ විට නිර්දේශ කරනු ලබන අතර කිසිම වේදනාවකින් තොර පුංචි පරීක්ෂණයක් මේක..
ECG පටියක්



No comments:
Post a Comment