ඉදිරියට නෙරා ආපු බඩක් සහිත වීම ඔබව ගොඩක් අපහසුතාවයට පත් කරනවා.මොන තරම් කෑම පාලනය කලත් දාඩිය පෙරාගෙන ව්‍යායාම කලත් අඩුවක් වෙන්නෙම නැද්ද..නූතන වෛද්‍ය විද්‍යාවෙ මේකට විසදුමක් තියෙනවා.ඒක පොඩි සැත්කමක්. කරන්න දේවල් මොකුත්ම නැති වුනහම අන්තිම option එක විදියට තමා වෛද්‍යාවරු මේක නිර්දේශ කරන්නෙ. Abdominoplasty කියන්නෙ ඔන්න ඕකට.හුරතල් නමකුත් තියෙනවා, tummy tuck කියන්නෙත් ඕකටම තමා.ඕකෙන් වෙන්නෙ බඩගෙඩියෙ තියන අනවශ්‍යය මේදය සහ සම ඉවත් කරල පේශි බඩේ බිත්තිවලට තද කරන එක.
ගැහැණු
පිරිමි භේදයක් නැතුව කරන්න පුලුවන් surgery එකක් වුනත්, බබාල ගැන plan කරන කාන්තා
පාර්ශ්වයට නම් මේක කරද්දි විශේෂ වෛද්‍ය උපදෙස් ලබාගන්න වෙනවා.
සාමාන්‍යයෙන්
පැය 01 සිට පැය 05
දක්වා දිවෙන මෙම සැත්කම් සාමාන්‍යය නිර්වින්දනයකින් කළ හැකියි.සැත්කම කරන කාලසීමව
ඇතුලත දුම් පානය වැනි ක්‍රියාවලින් වැලකීම නුවණට හුරු වෙනවා.ඒ සැත්කමෙන් පසු තුවාල
සුව වීමට කල් යන බැවින්.තවද සැත්කමින් පසුව diet කිරීමද යෝග්‍ය නොවේ.
*** මෙම පෝස්ටුව හුදෙක්ම දැනගැනීම සඳහා පමණක් බව සළකන්න.
සැත්කමින් පෙර හා පසු තත්වයන්

No comments:
Post a Comment