හෘදයාබාධ ගැන දැන ගනිමු........
"මේ උදේ කතා කර කර හිටපු එකානෙ..අන්න පපුවෙ අමාරුවක්
හැදිල අරන් ගියා...." නිතර අහන්න ලැබෙන වාක්‍යා ඛණ්ඩයක් නේද? පපුවේ අමරුවකට, සිංහලෙන් කියනවනම් Heart Attack එකකට කලින් අපිට බොහෝ විට පොඩි පොඩි ඉඟි අපේ
ශරීරය විසින් දෙනවා..කොහෙද ඉතින් අපි ඕවා අමතක කරල දාලා වෙන වෙන ඉඟි වලටනෙ අවධානය
දෙන්නෙ...අපි බලමු මේ සම්බන්ධව පොඩිම පොඩි විස්තරයක්.පොඩ්ඩක් හරි දැනන් ඉන්න එක
හොඳයි නොවැ..
නිශ්චිතවම
හෳදයාබාධයක පෙරනිමිති ලෙස පපුවේ ඇතිවන සමහර වේදනාවන් හඳුනාගත හැකියි. මෙම
පෙරනිමිති සහ රෝග ලක්ශණයන් නොසළකා හැරීම හේතුවෙන් හෳදයාබාධය
මරණයට පවා
හේතු විය හැකිය
පපුවේ ඇතිවන
මෙම ඉඟි කිසිම විටකත් නොසළකා හැරීම නම්
නුවණට හුරු නොවේ.
හුස්මවල කෙටි
බව,අම්ල පිත්ත
තත්වයන්,පේශීන් වල
ඇතිවන තුවාල වීම්,වේදනාකාරී ලෙස
ඇතිවන ඉක්කාවන්,බෙල්ලේ හෝ කොන්දේ
ඇතිවන වේදනාකාරී තත්වයන් බොහෝ විට හෘද රෝගයක ලක්ශණයක් විය හැකිය.විශේෂයෙන්ම අවුරුදු 50-60 අතර පසුවන්නන්,පවුලේ වෙනත් හෘද රෝගීන් සිටින අයවළුන්,තරබාරු පුද්ගලයන්,දුම් පානය කරන්නන්,අධි රුධිර
පීඩනය ඇති අය සහ දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නන් විශේෂ අවධානයක් සාමාන්‍ය
පුද්ගලයන්ට වඩා දැක්විය යුතුය.
පපුවේ ඇතිවන
අපහසුව
සුලබතම රෝග
ලක්ශණයක් තමයි පපුවේ ඇතිවන අපහසුව. හෳද රෝග වැළදුන කාන්තාවන්ගෙන් 50% පමණ ප්‍රතිශතයක් මෙම
පපුවේ අපහසුව අත්විඳ ඇති බව කියැවේ.සමහර අවස්ථාවල පපුවේ ඇතිවන වේදනාව /අපහසුව
කිසිසේත්ම හෘද රෝග හා සම්බන්ධ නොවන අවස්ථාද
දක්නට ලැබේ.
බොහෝ විට
පපුවේ මැද පපු ඇටය යටි පෙදෙසින් වම් පසට බරව
ඇතිවන වේදනාව අවදානම් සහිත විය හැක.එය පපුවේ ඇතිවන අධික පීඩනයක් ලෙස හෝ
පීඩනයේ කැළඹිලි බවක් ,පපුවේ හිර
කිරීම් තත්වයක් ලෙස දැනිය හැක.කාන්තාවන් සඳහා මෙම තත්වය සමහර විටක ඇඳුම්කන
ස්වභාවයකින් හෝ පිළිසුසුම් වේදනාවක් ලෙසින් ද විය හැකිය.
කැස්ස..
හදවත දුර්වල
වීමකදී, දිගින් දිගට
පවතින කැස්ස නිසා හෝ හතිය නිසා පෙණහළු තුලට තරල එක් රැස් වීමක් සිද්ධ වෙනව.
දිගින් දිගට පවතින කැස්ස නිසා රුධිරයේ සෙම ගතිය ඇතිවිය හැකි
අතර කල් ගත වූ කැස්ස සහ හතිය පවතී නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් වලට යොමු විය යුතු වේ.
කරකැවිල්ල

කරකැවිල්ලට හේතුව(ඔළුව බමන ගතිය හා වේදනාව) හෳද ආබාධයක් හෝ හෳද රිද්මයේ අසාමාන්‍යාතාවයක් නිසා විය හැකිය.මෙයට වෙනත් හේතුද තිබිය හැක. වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
අධික තෙහෙට්ටුව
අධික ලෙස
පවතින තෙහෙට්ටු ගතියද සමහර විට හේතුවක් වෙන්න පුළුවන්. හෳද
රෝග වැළඳුන ගොඩක්
කාන්තා පර්ශ්චවයන් කෙරෙන් හෳද රෝගය වැළදීමට ප්‍රථම මෙම අසාමන්‍ය තෙහෙට්ටු
ගතිය නම් ලක්ෂණය දිස් වෙලා තියෙනවා.
ඔක්කාරය, අරුචිය
මෙම ඔක්කාර ,අරුචිය ,අහේතුකව වන වමනය යෑම,
කුසේ ඇතිවන ඉදිමුම්
තත්වයන් ද හදවත් දුර්වල බවේ හා ධමනි අවහිර වීමක පෙරනිමිත්තක් විය හැකි බැවින් වහාම
වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.
ප්‍රධාන
වශයෙන් පපුවේ සිදුවන වේදනාව ප්‍රමුඛ වුවත්
අනෙකුත් කොටස් පිළිබදව ද සැළකිල්ලෙන් පසුවීම වැදගත් වෙනව.බොහෝ පුද්ගලයන්ට දැනී ඇති
පරිදි පපු ප්‍රදේශයෙන් පටන් ගන්න වේදනාව උරහිස , බාහුව,කොන්ද,බෙල්ල,හක්ක ,උදරය කරා පැතිරීමක් සිද්ධ
වෙනවා.විශේෂයෙන් පිරිමි පුද්ගලයන්ට වම් බාහුව අතෙහි යටි පෙදෙස් හා කාන්තාවන්ට අතෙහි බාහුව
හෝ උරපතු දෙක අතර ඇතිවන වේදනාව දක්නට ලැබෙනව.
නාඩි වැටීමේ වෙනස්වීම / අධික සීඝ්‍රතාවය
හුස්ම ගැනීමේ කෙටි බව
හුස්ම ගැනීමේ
කෙටි බව නිසා පෙනහළු තුලට තරල ගලා යෑමක් සිදුවිය හැක. වෙහෙස වී වැඩක් කරන අතරතුර
පමණක් නොව නිවාඩුපඩුවේ සිටියදී වුවත් මෙම තත්වයට මුහුණ දිය හැක COPD
(chronic obstructive pulmonary disease/ බොහෝ කල් පවතින ,පෙනහළු අවහිර වීම සම්බන්ද
රෝගයක්) යන රෝග තත්වය
නිසාද ඉහත ලක්ෂණ දැකිය හැකිය.
අධිකව දහඩිය පිට වීම
මෙය ඇත්ත
වශයෙන්ම හෳද සම්බන්දයෙන්
පොදු රෝග ලක්ෂණයක් නොවේ.
ශරීරයේ නිතර ඇතිවන දුබලතාවය(ඇඟ පණ නැති වීමේ ස්වභාවය)
ශරීරයට අවශ්‍ය
රුධිර සැපයුම හරියාකාරව ලබා දීමට හෳදය අසමත්වීමෙන් මෙම තත්වයන් ඇතිවේ.
නැවතත් ඔන්න
මතක් කරනව,මෙවැනි ලක්ශණ
ශරීරයේ දකින්න ලැබුනොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් මුණගැහෙන්න කියල..මොකද ප්‍රමදය
පසුතැවිල්ලකට හේතු වෙන්න පුළුවන්...
ඔන්න එහෙනම්
අපි ගියා...ආයෙ පොස්ට් එකකින් හමු වෙමු.


No comments:
Post a Comment