Pages

Showing posts with label මොනවද මේ CT හා MRI ස්කෑනර්..?. Show all posts
Showing posts with label මොනවද මේ CT හා MRI ස්කෑනර්..?. Show all posts

Tuesday, July 2, 2019

මොනවද මේ CT හා MRI ස්කෑනර්..?


මොනවද මේ CT හා MRI ස්කෑනර්..?

 ඉස්සෙල්ලාම කියන්නම්කො CT ස්කෑනර් ගැන කෙටියෙන්

 CT එකෙන් මූලිකවම වෙන්නෙ විවිධ කෝණ වලින් ගත්ත X -කිරණ ඡායාරූප බොහෝ ප්‍රමාණයක් සංයුත්ත කිරීමක්.මෙම X -කිරණ ඡායාරූපයක් බවට හරවන්නෙ පරිගණකයක් උදව්වෙන්.

දැන් බලමු MRI එක කොහොමද ක්‍රියා කරන්නෙ කියල

Magnetic  Resonance Imaging  කියන එක තමා MRI කියන්නෙ
MRI එකෙන් මූලිකවම වෙන්නෙ සුපිරි සන්නායක අධි චුම්බකිත රේඩියෝ තරංග ශරීරය තුලට විදිනු ලැබීමක්.අධි චුම්බක මගින් පරමාණු උතුරු හෝ දකුණු පැතිවල ස්ථානගත වුවත් සමහර පරමාණු එසේ පෙළ ගැස්වී නොමැත.මෙම අවස්ථාවේ රේඩියෝ තරංග එකතු කරනු ලැබූ විට පෙළ ගැස්වී නොමැති පරමාණු බැමුමකට(atomic spin) බඳුන් වී ප්‍රති විරුද්ධ දිශාවට පනී.මෙවිට රේඩියෝ තරංග ක්‍රේෂ්ත්‍රය ඉවත් කල වහාම අපිළිවෙලින් වූ පරමාණු ඒවායේ ස්භාවික පිහිටීමට පැමිනේ.එසේ පැමිණීමේදී ශක්ති විමෝචනයක් සිදුවේ.එම විමෝචනය වන ශක්ති රටාවන් සංඤාවක් ලෙස පරිගණකයක් මගින් ලබා ගෙන ගණිත ඇල්ගොරිතම  මඟින් එය ඡායාරූපයක් බවට පරිවර්තන කරනු ලැබේ..

සාමාන්‍යයෙන් මෙම වර්ග දෙකම ඉතා ආරක්ෂිත වුවත් අනාරක්ෂිත විය හැකි විශේෂ අවස්ථා කීපයක් නැතුවාමද නොවේ. MRI ස්කෑන් එක aneurysm clips සහිත (මොළයේ ලේ නහර තුල ඇති කෘත්‍රිම clip එකක්) රෝගීන්ට හා ලෝහ තහඩු,කම්බි,ඇණ යොදා සැත්කම් කර ඇති, කෘතිම දත් හා ස්නායු උත්තෙජක යොදා ඇති රෝගීන්ට නොකරනු ලැබේ. තවද එම රෝගීන්  සඳහා සුදුසු නොවන්නේ චුම්බක මඟින් ඉහත විද්‍යුත් උපකරණවලට හානි පමුණුවන හා ලෝහ මඟින් දත්ත වලට බලපෑම් විය හැකි බැවිනි .CT ස්කෑන් සඳහා ඉහත ගැටළු නොවන මුත් X- කිරණ සඳහා නිරාවරණය වීම අවදානමක් නැතුවාද නොවේ.(විශේෂයෙන් ගර්භණී කාන්තවන්ට)

CT යන්ත්‍රය භාවිතයෙන් කරන රෝග විනිශ්චයන් අතර මොළයේ , උදරයේ ,උකුල් ප්‍රදෙශවල , කුඩා බඩවැල අශ්‍රිතව, මහ බඩවැල වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියන් ප්‍රමුඛ වෙන අතර කල්පවතින අහඹු ලෙස පවතින වේදනා සම්බන්දයෙන් හා අස්ථි පිපිරීම් බිදීම් සම්බන්දයෙන් වන scan පරීක්ෂාවන් සඳහා.
MRI විශේෂයෙන් යොදා ගනු ලබන්නේ CT වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ විටදී සහ මෘදු පටක, අස්ථි බැඳුම් වැනි scan කිරීම සඳහාය.

MRI භාවිතය CT වලට වඩා මිල අධික බැවින්,X-කිරණ හා CT වලින් පමණක් රෝග නිර්ණය කිරීමට නොහැකි අවස්ථාවලදී පමණක් යොදා ගැනේ.

CT බොහෝ විට  ICU අංශ අනුබද්ධව පවත්වගෙන යනු ලබනුයේ වලට වඩා ඉක්මණින් ප්‍රතිඵල ලබාගත හැකි බැවිනි.

X-කිරණ සහිත වන බැවින් ගර්භණී කාන්තාවන්ට අවශ්‍යම වුවහොත් මිස  CT - Scarn සිඳු නොකරයි.පිළිකා සෛල පැතිරීම ගැන දළ අවබෝධයක් (පැතිරී ඇති ආකරය අනුව සමහරවිට නිශ්චිතවම වුවද) ලබා ගැනීමට 
මෙමCT හා MRI දෙකම උපයෝගී කරගනී.













                                                     
CT scan machine                                                                                        MRI scan machine





                                     CT against MRI 



එහෙනම් අපි ආයෙ හමුවෙමු තව පෝස්ටුවකින්....
*** මෙය හුදෙක් දැනුවත් වීම සඳහා පමණි..