ආයුබෝවන්
යාළුවනේ.....
අපි අදත් බලමු
නිතරම මේ කාලෙ අහල පුරුදු වචනයක් ගැන.වචනයක් කියන්නෙ මේක වෛද්‍ය පරීක්ෂණයක්. එන්ඩස්කොපි
(endoscopy) කියන්නෙ මේකට. ඇත්තටම එන්ඩස්කොපි වර්ග කිහිපයක්
තියෙනවා.අපි අද කථා කරන්නෙ upper endoscopy ( esophagogastroduodenoscopy –EGD) ගැනයි.
සරලවම
කිව්වොත් එන්ඩොස්කොපි කියල කියන්නෙ ශරීර අභ්‍යන්තර කොටස් Camera එකක් භාවිතයෙන්
නිරීක්ෂණය කිරීමක්.මොන මොන කොටස්ද දැන් මේ නිරීක්ෂණය කරන්නෙ කියල බලමු.
අපගේ අන්නස්‍රෝතය(ඒ
මොකක්ද ඒ.? අන්නස්‍රෝතය
කියන්නෙ ඇත්තටම පේශීන් වලින් සැදුම්ලත්,උගුරෙ කෙලවර කොටස එහෙම නැත්නම් ග්‍රසනිකාව හා ආමාශය
සම්බන්ධ කරන නලයක්. අන්නස්‍රෝත නාලිකාව කියන එක තමා වඩාත්ම හොඳ)
,ආමාශය(stomach) සහ ග්‍රසනිය(duodenum) නිරීක්ෂණය
කිරීමක්.මේකට සිහින් නම්‍යශීලී නලයක් හා Camera එකක් තමා ගන්නෙ.Camera එකට ලැබෙන දර්ශණ TV තිරයකින් වෛද්‍යවරයාට
බලාගන්න පුළුවන්.(උදරය ;
උදරය කියන වචනෙ ගත්තට
සමස්ත උදරයම නෙවේ.)
උදරය හිස්ව
තියෙනවනම්( හිස් බඩ) තමයි මෙ පරීක්ශණයට ගන්නෙ සහ සාමාන්‍යයෙන් පැය 6ක් පමණ නිරාහාරව සිටීම
සෑහෙනවා(වෛද්‍ය උපදෙස් මත)
තමන්ට යම්
අසාත්මිකතාවයන් සහ තමා හට හෘද හා පෙනහළු සම්බන්ද රෝග පවතීනම් අනිවර්යෙන්ම
රෝගියා විසින් පෙරාතුවම ඒ බව පැවසිය යුතු වෙනවා.
බඩේ කැක්කුම,නිතර ඇතිවන ඔක්කාර
ගතිය වමනය යාම ගිලීමේ ඇතිවන අපහසුතාවයන්
වැනි කාරනා මත මෙම පරීක්ශණය බොහෝ දුරට නිර්දේශ කරනු ලබනවා.
සමහර විටක
පරීක්ශණය කිරීමට පෙර රෝගියාට මුඛ මාර්ගයෙන් හෝ නහරයකට විදීම මඟින් වේදනාව අඩු වීමට
බෙහෙත් ලබා දෙයි.හිරි වැටීමක් ලෙස හෝ නිර්වින්දනයක් ලෙස පවා මෙම වේදනාව අඩු කිරීම
කළ හැක.කෙසේ වෙතත් නිරන්තරයෙන් පරීක්ශණය අතරතුර පවා රුධිරයේ ඔක්සිජන් මට්ටම හා
පීඩනය ගැන අවධානය යොමු කෙරේ. උපකරණය ලගා වූ ස්ථාන වල ඇති ඉදිමුම් තත්වයන් හා වායු
ගෙඩි වණ ගෙඩි වැනි තත්වයන් පවා පැහැදිලිව නිරීක්ශණය කල හැකි හෙයින් X-කිරණ පරීක්ශණයටකට වඩා මෙය ඉතාමත් නිවැරදි පරීක්ශාවක් වෙනව. X-කිරණ පරීක්ශණයට වඩා endoscopy මඟින් ඉටුවෙන අනෙක් වැදගත්ම දේ තමයි ඉතාමත්ම කුඩා සෛල
ප්‍රමාණයක් සහ ඉතාමත් කුඩා පේශී කැබැලි (ජෛවීය නිදර්ශක) අන්වීක්ෂීය නිරීක්ශණ
(අසාමාන්‍යතාවයන්
පිළිබඳ ස්වභාවයන් සඳහා) සඳහා ලබා ගැනීම

මුඛය මඟින් Camera එක ඇතුළු කරන අතර ලබා
දී ඇති බෙහෙත් වර්ග නිසා රෝගියාට කිසිඳු අපහසුවක් ඇති නොවේ.
පරීක්ෂණයෙන්
පසු වෛද්‍ය උපදෙස් පිළිපදින්න... endoscopy ගැන පොඩි අවබෝධයක් ලැබුනනෙ එහෙනම්...අයේ එහෙනම් හමු
වෙමු තවත් ලිපියකින්....

